Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 23 න් පහළ වොලිබෝල් තේරීම් 05 දා

23 න් පහළ වොලිබෝල් තේරීම් 05 දා

editorial - 2022 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අවුරුදු 23 න් පහළ, මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් තේරීමේ පරීක්ෂණ දෙසැම්බර් 05 වැනිදා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් කොළඹ ටොරින්ටන් පෙදෙසේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

අවුරුදු 23 න් පහළ, මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය පිරිමි කණ්ඩායම් සඳහා වන තරගාවලියකි.  එබැවින් මෙම තේරීමේ පරීක්ෂණය සඳහා සහභාගී විය හැක්කේ 2022 දෙසැම්බර් 01 වන දිනට වයස 23 ට අඩු ක්‍රීඩකයන්ට පමණි.

මෙම තේරීම් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට කැමති ක්‍රීඩකයින් 2022 දෙසැම්බර් 05 දින පෙ.ව. 8.00 ට කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයට වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටී.

දුරකතන අංක 0112-669344  හෝ  0777-256118 ඔස්සේ මෙම තේරීම් තරග සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.


අදහස් (0)

23 න් පහළ වොලිබෝල් තේරීම් 05 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.